EduLanka.info හා සම්බන්ධ වන්නේ කෙසේද? – සම්පූර්ණ profile එකක් සාදාගන්න
To read this article in English, click here.
පහත සඳහන් පියවර අනුපිළිවෙලින් අනුගමනය කිරීමෙන්, ඔබට EduLanka.info වෙත ලියාපදිංචි (Signup) වී සම්පූර්ණ profile එකක් සකස් කරගත හැක.
- 1: නොමිලේ ගිණුමක් සඳහා ලියාපදිංචි වන්න
- 2. ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට එන verification link එක click කරන්න
- 3: ඔබගේ ගිණුමට පිවිසෙන්න
- 4: ඔබගේ profile එක සංස්කරණය කරන්න
1: නොමිලේ නව ගිණුමක් සඳහා ලියාපදිංචි වන්න
මෙම link එකට පිවිස EduLanka.info හි ලියාපදිංචි වන්න.
ඔබගේ නම, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ සුදුසු මුරපදයක් ඇතුළත් කරන්න.
Tick boxes click කර:
- වෙබ් අඩවියේ නියමයන් හා කොන්දේසි වලට එකඟ වන්න
- EduLanka.info වෙතින් ප්රවෘත්ති, ප්‍රවර්ධන සහ යාවත්කාලීන කිරීම් සඳහා ලියාපදිංචි වන්න (අනිවාර්ය නොවේ)
- ඔබ රොබෝවෙක් නොවන බව ඔප්පු කරන්න
අවසාන වශයෙන්, ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා Register click කරන්න.

දැන් ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම පරීක්ෂා කරන ලෙස ඔබට මේ ආකාරයේ දැනුම් දීමක් ලැබෙනු ඇත.

2. ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට එන verification link එක click කරන්න
විද්‍යුත් ලිපියක් ඔබේ inbox එකට මේ වන විට ලැබී නොමැතිනම් SPAM ෆෝල්ඩරය පරීක්ෂා කිරීමට අමතක නොකරන්න.
ඔබට පහත විද්‍යුත් ලිපිය ලැබිය යුතුය, එහි ඇති verification link එක click කරන්න.

Verification link එක click කිරීමෙන් පසුව, ඔබව login පිටුවට යොමු කරනු ඇත. ඔබේ ගිණුම verify වී ඇති බවට පහත ආකාරයේ දැනුම්දීමක් ඔබට පෙනෙනු ඇත.

3: ඔබගේ ගිණුමට පිවිසෙන්න
ඔබගේ නව ගිණුමට පිවිසීමට (login), ලියාපදිංචි වීමේදී ඉදිරිපත් කෙරූ ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරපදය ඇතුළත් කරන්න. පිවිසුම් බොත්තම click කරන්න.

4: ඔබගේ profile එක සංස්කරණය කරන්න
ඔබ සාර්ථකව login වූ විට, තිරයේ ඔබේ Dashboard එක දිස්වනු ඇත. එහි ඇති ‘Edit Profile’ බොත්තම click කරන්න.

ඔබගේ profile එක සම්පූර්ණ කිරීමට සුදුසු විස්තර ලබාදෙන්න.

Your Name –
මෙය ඔබගේ Profile එකේ පෙන්වන නම වනු ඇත. කරුණාකර එය වෘත්තීය මට්ටමකට සුදුසු ලෙස තබා ගන්න. නිල නොවන නම් සහිත profile වෙබ් අඩවියෙන් අවහිර කරනු ලැබේ.
Email Address –
ඔබ වෙබ් අඩවියට පිවිසීමට භාවිතා කළ සත්‍යාපිත විද්‍යුත් තැපැල් ලිපිනය මෙයයි. එය ඔබගේ ගිණුමට සුවිශේෂී වන අතර ඔබට එය වෙනස් කළ නොහැක.
Contact Number –
ඔබ හා සම්බන්ධ වීමට කැමති වෙනත් සාමාජිකයින්ට ලබාදීමට සුදුසු දුරකථන අංකය ඇතුළත් කරන්න.
I am… –
ඔබ ශිෂ්‍යයෙක් හෝ ගුරුවරයෙක්ද යන්න තෝරන්න.
Facebook/ Twitter/ LinkedIn/ Instagram –
අමතර විශ්වසනීයත්වය සහ දෘශ්‍යතාව සඳහා ඔබේ social media profile සම්බන්ධ කළ හැකිය.
Location –
මෙය ගුරුවරුන් සඳහා වඩාත් සුදුසු වේ. ඔබ ඔබේ පන්ති පවත්වන ආයතන හෝ ප්‍රදේශ හඳුන්වාදිය හැකිය. ඔබ සම්පූර්ණයෙන් online පන්ති කරන්නේ නම්, කරුණාකර ස්ථානය online ලෙස තබන්න. රහස්‍යතා හේතූන් මත, ඔබට අවශ්‍ය නම් මෙම සැකසුම හිස්ව තැබිය හැකිය.
Introduction –
මෙයද ගුරුවරුන් සඳහා වඩාත් සුදුසු වේ. කරුණාකර ඔබ, ඔබේ පන්ති සහ ඔබේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. එම විස්තර මේ ආකාරයෙන් ඔබේ profile එකේ එක් පරිච්ඡේදයකින් දිස්වනු ඇත.

Profile Picture –
Profile Picture එක ලෙස සුදුසු ඔබේ රූපයක් උඩුගත කරන්න.
ගුරුවරුන්ට: පින්තූරයක් නොදැමීම හෝ වෘතිමය මට්ටමකට නුසුදුසු පින්තූරයක් යෙදීමෙන් ඔබේ දැන්වීම පළ නොවීමට හේතු විය හැක.
සිසුන්: පින්තූරයක් උඩුගත කිරීමට අවශ්‍ය නැත. රහස්‍යතාව රැකගැනීමට අවශ්‍ය නම් මේ පින්තූරය වෙනස් නොකර තිබිය හැක. එසේ නම් කිසිම උඩුගත කිරීමක් නොකරන්න.

කරුණාකර පින්තූරය උඩුගත වන තෙක් රැඳී සිටින්න.

උඩුගත කළ පසු, පැතිකඩ පින්තූරය පහත පරිදි දිස් වේ.

‘UPDATE MY INFO’ click කර ඔබගේ සියලු තොරතුරු සුරකින්න.

සියලු වෙනස්කම් සුරකින ලද බව ඔබට දන්වනු ලැබේ.

පිටවීමට profile click කරන්න.

ඔබගේ profile එකේ සිදුකරන ලද වෙනස්කම් බැලීමට පිටුව refresh කරන්න.

සුභ පැතුම්! ඔබගේ profile පිටුව දැන් සම්පූර්ණයි.
දැන් ඔබ ලියාපදිංචි වී ඇති අතර, නොමිලේ ලබාදෙන සාමජිකත්වය ඔබ වෙනුවෙන් සක්‍රීය වී ඇත. මේ සමඟ ඔබට ලැබෙන ප්රතිලාභ ගැන වැඩි විස්තර දැන ගැනීමට මෙම ලිපිය කියවන්න: නොමිළේ සාමජිකත්වය සමඟ ඔබට ලැබෙන වරප්‍රසාද – EduLanka.info
You must be logged in to post a comment.